Our Projects
Turning Ideas Into Impact
Our projects are driven by the passion to serve. From empowering youth and supporting education to improving healthcare and protecting the environment, every initiative brings hope and progress to communities near and far.
සහන යාත්‍රා – අයහපත් කාලගුණයෙන් පීඩිත ජනතාව සඳහා හදිසි සහන ව්‍යාපෘතිය
“අවශ්‍යම තැන අපි සීරුවෙන්”
අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ඛේදවාචකයෙන් වැඩි බලපෑමක් අප අනුරාධපුර දිස්ත්රිකයටද ඇතිවිය. එම හේතුවෙන් ඉකුත් 29 දින ක්ෂණිකව ක්‍රියාත්මක වූ අප රොටරි සාමාජික කණ්ඩායම අනුරාධපුර අවට නිවාස අහිමි ව කදවුරු වල සිටින අපේම සහෝදර සහෝදරියන්ට සහ තම ජීවිත පරදුවට තබා සේවයේ නියුතු නිළධාරීන් හට ආහාර ලබාදීමට කටයුතු කලෙමු. රොටරි සභාපතිතුමන්ගේ මූලිකත්වයෙන්, රොටරි සාමාජිකයන්ගේ සහ සමාජිකයන්ගේ පවුල්වල සමාජියන්ගේද සහභාගීත්වයෙන් මෙම කර්තව්‍යය සිදුකෙරුණි. අප සමාජයේ හිටපු සභාපතිවරයෙකු වන දිනේෂ් කාහිංගල මහතාට අයත් Sorriso Restaurant ආයතනයේ සියලුම කාර්යමණ්ඩලය අපි විශේෂයෙන් සිහිපත් කරන්නෙමු. සියලු දෙනාටම ස්තූතියි.
මෙතෙකින් නොනැවතී ඉදිරි දින වලදී නිවාස පිරිසිදු කිරීම් සහ පිළිසකර කිරීම්, වියළි ආහාර ලබාදීම්, සමීපාරක්ෂක ද්‍රව්‍ය සහ අධ්‍යාපනික ද්‍රව්‍ය ලබාදීමට අප කටයුතු කරන්නෙමු. ඒ සදහා අපත් සමග ‘සහන යාත්‍රා’ ව්‍යාපෘතිය සමග අත්වැල් බැදගන්නට ආරාධනා කරන්නෙමු.
අපි අපේම මිනිසුන් වෙනුවෙන්