Our Projects

Turning Ideas Into Impact

Our projects are driven by the passion to serve. From empowering youth and supporting education to improving healthcare and protecting the environment, every initiative brings hope and progress to communities near and far.

සහන යාත්‍රා – ගංවතුරින් අවතැන් වූ ජනතාව සඳහා හදිසි සහන බෙදාහැරීමේ ව්‍යාපෘතිය

ඊයේ (දෙසැ 04) දින අනුරාධපුර දිස්ත්රික්කයේ ගංවතුරින් අවතැන් උන අපේම සහෝදර ජනතාව වෙනුවෙන් වියළි ආහාර, ඇදුම් පැළඳුම් සහ සනීපාරක්ෂක ද්රව්ය බෙදාදීම ආරම්භ කලා. අපි ඊයේ දිනයේදී මිහිදු පුර සහ විලච්චිය ප්රදේශ වලට බෙදාදීම සිදුකරනු ලැබුවා.
“නොහැක්කක් නොමැත” යන කියමන පසක් කරමින්, Colombo Port City රොටරි සමාජයේ සාමාජික ඉයන් ඉද්දමල්ගොඩ මහතාගේ සහ චමීර ජීවන්ත මහතාගේ සම්බන්ධීකරණයෙන් එම Rotary Colombo Port City රොටරි සමාජය, භාෂා ආයතනය, විජේරාම කොමියුනිටි කිචන් (Wijerama Community Kitchen) සහ අපත් සමග අත්වැල් බැදගත් කොළඹ දිස්ත්රික් ඔබ ඇතුලු සියලුම දෙනාගේ උදව්වෙන් අපිට පුලුවන් උනා එක දවසක් ඇතුලත මේ විශාල භාණ්ඩ තොගය එකතු කරලා මේ විදියට බෙදලා දෙන්න. භාණ්ඩ බෙදාදීම සදහා එකතු උන අප සමාජයේ සමාජිකයින්ටත් පවුල්වල සාමාජිකයින්ටත් ස්තූතියි.
මෙතෙකින් නොනැවතී ‘සහන යාත්රා’ව ඉදිරියටම. අපත් සමග අත්වැල් බැදගන්න.
Scroll to Top